ගැහැනියක් රූමත් වන්නේ පෙර ආත්මවල කරන ලද පින් හේතු කොටගෙනය. විරූපී වන්නේ පෙර කරන ලද පාපකාරි ක්‍රියා හේතු කොටගෙනය. රූමත් බිරියක් ලබන්නත් සැමියකු පෙර පින් කළ යුතුය. ගැහැනියක් පිරිමියෙක් එකතු වන්නෙත් කර්ම ඵල හේතු කොටගෙනය. මෙය වේදයේ එන කියමනකි.

තවත් අතකින් ඕනෑම ස්ත්‍රියකට උත්පත්ති තුනක් ඇත්තේය. මවු කුසින් ලබන උත්පත්තිය වැඩිවියට පත් වන උත්පත්තිය වගේම විවාහය මඟින් ලබන උත්පත්තිය තුන්වැනි උත්පත්තියයි. විවාහය සඳහා වැදගත් වන්නේ තෙවැනි උත්පත්ති යයි.
ඔබේ ජීවිතය අවුල් නොවන විවාහයකට ගැළපීම් කර ගැනීමට අල්ලේ වැටෙන රේඛා බලා පසුබිම් සලසා දීම මේ ලිපියේ අරමුණයි. ජේයාතිෂයේ විවාහයට පෙර පොරොන්දම් බැලීම සිරිතකි. සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීම එහි අරමුණයි.
කාන්තාවකට ජීවිතයේදී පසු කළ යුතු පියගැට පෙළක් වෙයි. එය දැරියක වශයෙන් සිසුවියක වශයෙන් පෙම්වතියක වශයෙන් යහපත් බිරියක වශයෙන් ආදරණීය මවක වශයෙන් යා යුතු ගමනය. උපන් ගෙයිම ඇයට ජන්ම පත්‍රයක් හිමිවෙයි. එක් අතකින් එය ජීවිතය පිළිබඳව ඔප්පුවකි. තවත් අතකින් චරිත සහතිකයයි. ජන්ම පත්‍රය හෙවත් හඳහන තුළින් දිස් වන්නේ ඇයගේ පෙර කර්මවල වේගයයි. ඉතා දක්‍ෂ සම්පන්න ජේයාතිෂ්‍ය කරුවකුට කාන්තාවකගේ හඳහන තුළින් ඇගේ අධ්‍යාපනය, සහජ බුද්ධිය, රැකියාව, හැකියාව, දියුණුව, විවාහය චර්යාව අනාගතය ගැන සියලුම විස්තර දැකිය හැකිය.
කාන්තාවකගේ දෙවැනි කේන්දරය මල්වර වීමේ නැකැත් කලාවයි. එක් අතකින් එය දෙවැනි ඉපදීමකි. ඇයට ඊළඟට මුහුණපාන්නේ විවාහයයි. එය කාන්තාවක බිරියක වශයෙන් කුල ගෙදරට යන ගමනයි. මේ පිළිබඳව අල්ලේ ලියැවෙන්නේ බුද මණ්ඩලයේ (භාතෘෘ ස්ථාන) ය. අල්ලේ මාතෘෘ රේඛාව තුළත් මාපට ඇඟිල්ල මුල සිකුරු මණ්ඩලය තුළත් විවාහයේ සම්බන්ධතා කියැවෙන ස්ථානයයි.
ජීවන රේඛාවට ඒකාබද්ධව ශීර්ෂ රේඛාවක් දෙකට බෙදී එක් අත්තක් මාතෘෘ රේඛාවටත් අනෙක චන්ද්‍ර මණ්ඩලයේ (අංක 1) පැත්තටත් (අංක 1) යමකුගේ අල්ලේ විහිදුණු විට එබඳු පුද්ගලයා සියල්ල ආලයට කැප කරයි. කාන්තා අල්ලකත් එසේය.
ශීර්ෂ රේඛාව ද්විත්ව වීම (දෙකක් වීම) ධනය බලය ලබන ලකුණකි.
බුද ඇඟිල්ලේ පහත බුද මණ්ඩලය වැටෙන රේඛාව (අංක 2) සහකාරිය හෝ සහකරුගේ රේඛාවයි. රේඛා දෙකක් එකට වැටීම පිරිමි අල්ලක නම් එක පවුලේ විවාහ දෙකකි. එහි රේඛාවක තරු ලකුණ ඇති වීම විවාහයේ බිඳ වැටීමකි. මාතෘෘ රේඛාවට විවාහ රේඛාව දුන්නාක් සේ එක්වීම විවාහය බිඳ වැටීමකි. (අංක 3) මාතෘෘ රේඛාව තුළ ද එහි වැටෙන ඉතා සියුම් රේඛා කතිර තුළින් ගෘහ ජීවිතයේ පෙරළි ගැන සටහන් වේ.
බුද මණ්ඩලය (සුළැඟිල්ල මුල) අතුරු රේඛාවක් මාතෘ රේඛාවේ සිට ඉහළට යෑම – ආදර රේඛාව කැඩීම ආදර සබඳතා අවුල් වීමකි. (අංක 4) එහෙත් ධනවත් පවුලක කෙනකු හා විවාහ වීමේ ලකුණකි. මාතෘ රේඛාවේ බුද මණ්ඩලයට වැටෙන දූපත් ලකුණ (අංක 5) ආදරය බිඳ වැටීමකි.
බුද මණ්ඩලය තුළ ආදර රේඛා දෙකක් වැටීම (අංක 2) බිරියන් දෙදෙනකු හා සහයෝගීව ජීවත් කරන්නීය. අධික කාමාධික අල්ලක ශුක්‍රමේලා රේඛාව වැටේ.
ගුරු මණ්ඩලයේ කතිර ලකුණ විවාහය නිසා දියුණුව ලබයි. එහි තරු ලකුණක් වැටීම අධික ධන සම්පත් ලබයි. (අංක 6)
හෘදය රේඛාවෙන් විහිදුණු අත්තක් ශීර්ෂ පීතෘ රේඛාව කපාගෙන සිකුරු මණ්ඩලයට වැටීම ආදර සබඳතාවක් (අංක 7) බිඳ වැටීමේ ලක්‍ෂණයකි.
යමකුගේ මාපට ඇඟිල්ල ඉක්මවීමෙන් දීර්ඝ වූ දබරැඟිල්ල පයේ පිහිටාවිද ඒ මනුෂ්‍ය තෙමේ ස්ත්‍රී සම්පත් ලබයි. මහත් වූ භව භෝග සම්පත් ද ලබයි. සැක නැතැයි. අත–පරං දෙහායව ලක්‍ෂණම්” හි සඳහන් වේ. පයක මැදඟිල්ල දීර්ඟ වූ විට භාර්යා හානිය සිදුවන්නේය. වෙදලඟිල්ල පයේ දීර්ඝ වූ විට විද්‍යාවෙන් භෝග සම්පත් ලබන්නේය.
යමකුගේ වෙදඟිල්ල සුළැඟිල්ලට සමානව කොටවී නම් ඔහු පරස්ත්‍රී සේවනය කරන්නේ යැයි ද සමුද්‍රිකා ඉෂිවරු පෙන්වා දී ඇත්තේය.
අල්ලේ රේඛාවන්ගෙන්ද විවිධ ලක්‍ෂණ ගත් කල මිනිස් ජීවිතයේ විවිධ රහස් එළිවන්නේය.
අල්ලේ බුද මණ්ඩලය තුළ මෙන්ම සිකුරු මණ්ඩලය තුළ වැටෙන රේඛාවන්ගෙන්ද විවාහ ජීවිතය ගැන හෙළිවේ.
සිකුරු මණ්ඩලය උස්ව පිහිටීම නිරෝගී සම්පන්න කෙනකුගේ ලක්‍ෂණයයි. විවාහයෙන් සිදුවන සැප දුක දික්කසාද වීම්, අඹුසැමි අරගල, ආරවුල්, රාගාධිකත්වය, ආලය ගැන මෙතැන වැටෙන රේඛාවලින් හෙළිදරව් වේ. එම මණ්ඩලය තුළ කොටු සලකුණ වැටීම රාගාධික සිද්ධියක් වන විපතින් ගැලවේ. (අංක 8) තාරකා ලකුණ වැටී ඇත්නම් රාගාධික හැඟීම්වලින් උත්සන්න පුද්ගලයෙකි. (9) මෙහි කුජ සිකුරු රේඛාවෙන් කියැවෙන්නේ විවාහ ජීවිතයේ තත්ත්වයයි. එය අතු රේඛාවලින් දැක්වෙන්නේ විවාහ සහකාරියගේ හෝ සහකරුට මූලිකව ඇති බලපෑම්ය. උඩු අතට ජීවන රේඛාවට එකතු වන රේඛා විවාහ ජීවිතය නිසා ලබන දියුණුවයි. (අංක 10) වෙනත් රේඛාවකින් මෙම රේඛාව කැපුණු විට (අංක 11) ජීවිතයේ මුහුණ පාන්න සිදුවන ගැටලුය. හරස් රේඛාවක් වැටුණු විට එම කාලය තුළ බිරියගෙන් අෑත් වීමට සිදුවේ. එක්කෝ සැමියාගෙන් අෑත්ව වාසය කරයි.
සිකුරු මණ්ඩලයේ සිට ජීවන රේඛාව කපාගෙන දෛව රේඛාවට අත්තක් එකතු වීම (අංක 12) මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වූවෙකි.
ගුරු මණ්ඩලය තුළ ඇඟිලි – මුල රේඛාව (අංක 13) දැන හඳුනා ගැනීමෙන් සිදුවන ආදර සබඳතාවකි. එහි ගුරු ග්‍රහ ලකුණ වැටීම යහපත්ය.
ශනි මණ්ඩලය තුළ හෘදය රේඛාවේ දූපත් ලක්‍ෂණය වැටීම (අංක 14) ඇතිකර ගන්නා වූ අනියම් ඇසුර අත් නොහරින ලකුණකි.
අල්ලේ වැටෙන ඉතා සියුම් රේඛා ඔබේ ජීවිතයේ රහස් හෙළි කරයි. විශේෂයෙන් මාතෘ රේඛාවේය.
චන්ද්‍ර මණ්ඩලයේ සිට දෛව රේඛාව හෙවත් ශනි රේඛාවට අත්තක් වැටුණු විට (අංක 15) ඒ තමන්ගේ විවාහය සිදුවන කාලයයි.
බුද මණ්ඩලය සාමුද්‍රිකා විද්‍යාව තුළ සැලකෙන්නේ ඡායා ස්ථානය ලෙසය. එය මනාව උස්ව රෝස පැහැයෙන් යුතුව රේඛා වැටීම විවාහ ජීවිතයේ යහපත් ලකුණුය.
බුද මණ්ඩලයේ වැටෙන රේඛාව දෙකට පැළී පැවැතීම කරුවේදී පැවැතීම සැමියා හා බිරිය අතර ආරවුල් තත්ත්වය පෙන්වයි. (අංක 16)
යම් කාන්තාවකගේ අල්ලේ පද්ම ගර්භ සටහනක් වැටේද එවැනි කාන්තාවකගේ අල්ල සිනිඳුව අල්ල මැදින් වැටෙන කර්ම ඵල (ශනි) වාසනා රේඛාව මැදඟිල්ලේ මැද පුරුක තෙක් දික්වේද ඇය සිය සැමියා රජ මැඳුරකට ගෙන යන්නීය. වේද සාහිත්‍යයේ සඳහන්ව ඇත්තේය. (අංක 17)
ස්ත්‍රී අල්ලක සංඛ, මත්ස්‍ය, පද්ම, කුංචායුධ ලක්‍ෂණ පිහිටා ඇද්ද ඇය රාජ මෙහේෂිකාවක් වන්නීය
එච්.ඩබ්ලිව්. අභයපාල
ප්‍රවීණ හස්ත රේඛා පර්යේෂණ
විද්‍යාඥ
077-1549883
No comments:
Post a Comment