Monday, December 30, 2019

හිටගෙන චූ කිරීම සහ සමාජවාදය බිහිකිරීම - Socialism? Piss off, mate!

සාමාන්‍යයෙන් පොලිටිකල් ලිපි පලවෙන W3Lanka බ්ලොග් එකේ පසුගිය දිනයක පාර අයිනේ චූ කරන සිද්ධියක් පසුබිම් කරගත් ලිපියක් පලවී තිබුණි.

එයින් කියවුනේ බ්ලොග්කරුවා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පාර අයිනේ පාලු පෙදෙසක තරුණයෙක් වාහනවල ගමන් ගන්නා අය පිළිබඳ නොතකා මුත්‍රා කරමින් සිටි බවය.

මෙවැනි තත්වයන් ඇති වෙන්නේ රටක දියුණුවේ නිර්ණායකයක් ලෙස සැලකිය හැකි පොදු වැසිකිලි සංඛ්‍යාවේ අඩුකම නිසා බව මා මීට පෙර කියූ කතන්දර කිහිපයකින්ම කියා ඇත්තෙමි.

මේ සිද්ධිය සිදු වූ මතුගම නගරයේ එකදු පොදු වැසිකිලියක් නැති බව ලියන අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා මෙහි සඳහන් කර තිබුණද ඔහු ගේ ලිපිය මූලිකවම යොමු වී තිබුණේ ඒ පිළිබඳව නොව පෙර කී තරුණයා ගේ ක්‍රියාවේ ඇති නොමනා බව ගැනය.

මා සිත් ගත් වැදගත්ම කතාව අජිත් ලියා තිබුණේ මේ ලිපියට ලැබී තිබුණු කමෙන්ටුවකට ප්‍රතිචාරයක් ලෙසයි.

එය මෙසේය.

   මේ පුංචි සිද්ධිවල ගැඹුරු දේශපාලනයක් තිබෙනවා. ඒකයි ම මේවා ලියන්නේ.

   සමාජවාදය ගොඩනගන්න දියුණු මිනිස්සු අවශ්‍යයි.

   මිනිහෙකුගේ දියුණුකම මුත්‍රා කරන ආකාරයෙන් පවා පෙනෙනවා.


පාරේ මුත්‍රා කරන පිරිමියා වගේ ම තමයි කාර්යාලයේ පොදු කොමඩ් එකට හිටගෙන මුත්‍රා කරන පිරිමියාත්.

පැරා ගේ ඉහත කියමන අග සිට මුලට කියවන විට අපට පහත සඳහන් නිගමනයට බැසිය හැක.

පිරිමින් කොමඩ්වල හිටගෙන චූ කරනතාක් කල් රටේ සමාජවාදය බිහි කළ නොහැක. එසේම, රටේ සමාජවාදය බිහි කිරීමට නම් පිරිමින් කොමඩ්වල වාඩි වී චූ කළ යුතුය.

අපි කුඩා කල ගම්බද නිවාසවල තිබුණේ වල කක්කුස්සිය. ඒ වැසිකිලි සාමාන්‍යයෙන් පිහිටියේ නිසසේ සිට මද දුක් ඔබ්බෙනි. රාත්‍රි කාලයේ අංක දෙකේ කාර්යයේ යෙදීමට ටෝච් එකක් රුගෙන මෙහි යාම ඉතා ප්‍රියජනක කටයුත්තක් විය. එසේ වතුදු අංක එකේ කාර්යය, එනම් වූ දැමීම, සඳහා නම් එතරම් කරදර විය යුතව තිබුණේ නැත. අප බොහෝ දෙනෙකු කලේ නිවස පිටුපසට ගොස් සරම ඔසවා නිදහසේ හුලං පහර විඳිමින් කෝල් එකට උත්තර දීමයි.

පසු කලෙක වල කක්කුස්සි වෙනුවට ස්කොටින් පෑන් වර්ගයේ වතුර ගසා පිරිසිදු කළ යුතු වැසිකිළි ඉඳිවුණු අතර, ඒවා ඉඳිවුනේ, නිවසට යාබදවය. අංක දෙක සඳහා පෙර පරිදිම උක්කුටයෙන් ඉඳ ගත්තද, අංක එක නම් කවදත් කෙරුණේ පෙර පරිදි හිටගත්වනමය.

වල කක්කුස්සියේ සිට ස්කොටින් පෑන් වැසිකිලියට මාරුවීම එතරම් කජ්ජක් නොවේ. නමුත් එතැන සිට කොමෝඩයට පැනීම වනාහී ලොකු පිම්මකි.

පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ මුලදී කාන්තා නේවාසිකාගාරව පැවතී පසුව කොල්ලන් සඳහා වෙන්වී තිබුණු හිල්ඩා ඔබේසේකර ශාලාවේ දී මා දුටුවේ එහි තිබුණු කොමඩ් වටා ගඩොලින් බැඳ ඒවා උක්කුටයෙන් වාඩි වී භාවිතා කිරීමට හැකිවෙන පරිදි සකසා ඇති බවකි.

මේ වැසිකිළියක අංක දෙක කර්තව්‍යය කිරීම සඳහා පඩියක් නැගිය යුතු වූ අතර මේ හේතුව නිසා එය හැඳින්වුනේ "ගස් බොග දැමීම" වශයෙනි. මා වසර දෙකක් පමණ වාසය කළ අක්බාර් ශාලාවේ ද, සියළු කොමෝඩ් ඉහත ආකාරයට ගඩොලින් බැඳ සකසා තිබුණි.

අංක දෙක සඳහා කොමොඩ් එකක වාඩි නොවන පිරිමින් කොයි ආකාරයකට වාඩී වී චූ කරන්නට ඉගෙන ගනී ද?

පැරා ගේ තියරියට අනුව, අපේ කාලයේ විශ්ව විද්‍යාලවල සමාජවාදය ගැන සැබෑ උනන්දුවක් දැක්වූ අය අඩුවෙමින් ගියේ ඒ නිසා විය යුතුය.

හිටගෙන චූ කල හැක්කේ පිරිමි අපට පමණක් නොවේ. දැනට කැනඩාවේ වෙසෙන ඉංගිරිසි මහාචාර්යවරයෙකු මෙන්ම ලෝ පතල නවකතාකරුවෙකුද වෙන මයිකල් ඔන්ඩච්චි සිය "රනින් ඉන් ද ෆැමිලි" කෘතියේ සඳහන් කර තිබුණු පරිදි යුරේසියානු ගැහැණියක වූ ඔහු ගේ මව් පසින් මිත්තණිය පවා හිටගෙන චූ කිරීම කළ කාන්තාවකි. ඇය වරෙක කොළඹ කාන්තා විදුහලක සැනකෙලියක දී ද මේ කර්තව්‍යය කළ බව ඔහු ලියා තිබුණි.

පැරා, ඔහු ගේ ප්‍රතිචාරයේ පොදු කොමඩ් එක යනුවෙන් අදහස් කර ඇත්තේ කාන්තාවන් සහ පිරිමි දෙකොටසම භාවිතා කරන කොමඩ් වැසිකිළි බව පෙනේ.

මයිකල් ඔන්ඩච්චි ගේ ආච්චි ගේ වර්ගයේ අය හැරුණු කොට සියළුම කාන්තාවෝ කොමඩ් එකේ සිට් එක උඩ වාඩි වී කෝල් ආන්සර් කරති.

පිරිමි අප අංක දෙක කෙසේ කළා වුවද, කොමඩ් එකට හිටගෙන චූ කිරීම වැරදිය, නොදියුණුය යන්න පැරා ගේ චෝදනාවයි.

එයට හේතුව වන්නේ පිරිමියෙකු හිටගෙන චූ කරනා විට මුත්‍රා බිඳු අවට විසිරෙන්නට ඉඩ ඇති නිසා, වැසිකිලිය අපවිත්‍රවීමයි.

එය සාධාරණ චෝදනාවකි.

එසේ වුවද, සාමාන්‍යයෙන් ලෝකයේ සැම තැනකම පාහේ සිදුවන්නේ එයම බව, එනම්, පොදුවේ පිරිමින් චූ කරන්නේ හිටගෙන පමණක් බව, විවිධ නවකතා, ලිපි, සිට්කොම්, කාටූන් සහ අත්දැමීම් මත පදනම්ව මට කිව හැක.

මෙහිදී පිරිමින් විසින් කිරීමට අපේක්‍ෂා කරන්නේ කොමෝඩයේ වාඩි වීම නොව, චූ කිරීමට පෙර කොමෝඩයේ සීට් එක ඉහලට දැමීමයි. එවිට විසිරෙන චූ බින්දු වෙතොත් ඒවායෙන් සීට් එක බේරෙනු ඇත. කාන්තාවක් ඉන් පසු එහි පැමිණි විට හිඳ ගන්නේ සීට් එක පහතට දමා ඒ මත නිසා සිදුවිය හැකි අපිරිසිදු තත්වය අවම වේ.

මේ සම්බන්ධයෙන් කුඩා පිරිමි දරුවන්ට අවවාද පිණිස ලියවුණු කවියක් මෙලෙස වේ.

ඉෆ් යු ස්ප්‍රින්කල්, වයිල් යු ටින්කල්
ප්ලීස් බී නීට් ඇන්ඩ් වයිප් ද සීට්
(ප්ලීස් බී අ ස්වීටී ඇන්ඩ් වයිප් ද සීටී)


අවසාන වශයෙන් මට කිව ඇත්තේ මෙයයි.

කොමෝඩ් වැසිකිලියකට චූ කිරීමට යන පිරිමියෙකු එය වාඩි වී කරන දිනයක් කෙදිනකවත් උදා වේ යැයි මට සිතිය නොහැක.

අහෝ! සමාජවාදය ගොඩ නැගීම සිහිනයක් පමණකි!

හරිම නෝටි හස්බන්ඩෙක්!

මේකත් බස් එකක යද්දී වුණු සිද්ධියක් ගැන කතන්දරයක්. හැබැයි අර කාලෝ ෆොන්සේකලා ගැන, චූටි ටීචර්ලා ගැන, ගර්භණී මාතාවන් ගැන, මොන්ටිසෝරි අම්මලා ගැන කියපු කතන්දර වගේ නෙමේ, තරමක් වෙනස් එකක්.

ඔන්න දැන් ටික කාලෙකට කලින්, මගේ යාලුවෙක් ලංකාවට ආවා පිටරට පස්-තාච්චි අදින්න ගිහින් ඉන්න අතරේ පොඩි නිවාඩුවකට.

ඉතිං මට ආරාධනාවක් ආවා සති අන්තයේ එහේ එන්න කියල. කොළඹින් පැය දෙකක් විතර දුර පලාතක් නිසා හවස් වෙලා ගිහින් පහුවදා එන්නයි ප්ලෑන් එක.

ඔන්න මං දවල් කෑමෙන් පස්සේ ගෙදරින් පිට වෙලා, ගෙදර ලඟින් නැග්ග බස් එකෙන් තවත් එකකටත්, ඒකේ පැය දෙකක් විතර ගිහින් තවත් එකකටත් මාරු වුණා.

මේ තුන්වෙනි බස් එක තරමක් පොඩි, අර මිට්ෂුබිෂි වර්ගයේ ආසන විසි හයේ එකක්. මං මේ බස්වලට කැමතිම නෑ, ඒ දවස්වල. මොකද, ඕවගේ යනකොට හිටගෙන යන්න වුණොත් ඉතිං බඩුම තමයි. බෙල්ල කොර වෙනවා.

මේ කතන්දර හාමිනේ හම්බ වෙන්න කලින්නේ. ඒ කාලේ මට සාමාන්‍යයෙන් අර මර්ෆි ගේ නියමය හොඳින් වැඩ කරනවා. ඒ කියන්නේ, මොකක් හරි දෙයකට කෙලවෙන්න තියෙනවා නං අනිවා, ඩෙෆා, කෙලවෙනවා කෙලවෙනවා ම යි.

කිව්වා වගේම සීට් එකක් හම්බ වුනේ ම නෑ. මොනවා කරන්නද? මේ ගමේ පාරක්. බස් තියෙන්නෙත් අඩුවෙන්. අනික දැන් හොඳටම හවස් වෙලා.

ඔන්න ඉතිං අමාරුවෙන් බස් එක ඉස්සරහට ඇදෙනවා. මම් තුමා බෙල්ල නමාගෙන සීරුවන් ගමනේ. හවස් වෙලා හින්දා දාඩිය දාන්නේත් නැති නිසා ඉතිං වැඩි අවුලක් නං නෑ.

බස් එකේ එක එක වෛයිවාරණ උදවිය. ඉඳගෙන. හිටගෙන. මං අල්ලං හිටිය සීට් එකේ වාඩිවෙලා හිටියේ සීය කෙනෙකුයි, අම්මෙකුයි, පොඩි දුවෙකුයි. දුව අම්මගේ ඔඩොක්කුවේ.

මගේ පිටි පස්සෙන් හිටියා තරමක ඇහැට කණට පේන (ඇත්තටම කොහොමද බොලේ කණට පේන්නේ?) යුවතියක්. අර ඉස්සර තිබුණ කුමරි පත්තරේ පිටකවරෙට හොඳයි එයා. ඒ කියන්නේ බිත්තියෙ අලවගන්න උනත් හොඳයි.

ඔන්න ටික දුරක් යනකොට මගේ වාසනාව පෑදුණා. අර සීයා බස් එකෙන් බහින්න නැගිට්ටා.

මං ඉතිං පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ වෙලා සීට් එකට පැන ගත්තා. තව ටික වෙලාවකින් ඒ සීට් එකේ එහා පැත්තේ හිටිය අම්මයි පොඩි දුවයි දෙන්නත් බස් එකෙන් බැස්සා. අර කුමරි පත්තරේ කවර් පේජ් යුවතිය ඔන්න මා ලඟින් වාඩි වුනා.

ඒත් ඉතිං මට ප්‍රීතියෙන් ප්‍රීතියට ගිහින් අර චූටි ටීචර්ට වගේ කලර්ස් පෙන්නන්න නං වුනේ නෑ මෙදා. මොකද මට බහින්න තිබුනේ ඊ-ලඟ බස් හෝල්ට් එකෙන්. නැවතත් මර්ෆිගේ නියමය.

ඉතිං, එදා රෑ කයිය ගහං ඉඳලා, කාලා බීල, සේරම ඉවර වෙලා මායි යාළුවයි ගියා ඒ ලඟ තිබුණු පොර ගේ අයිය ගේ ගෙදරට.

මෙන්න බොලේ එතන ඉන්නවා දැකල පුරුදු ඩයල් එකක්.

බැලින්නං, ගමේ තුන්කාලේ බස් එකේ පොඩි දුවෙක් එක්ක ආපු අම්ම තමයි මගේ යාළුවගෙ අයියගේ බිරිඳ!

"ආ, මෙයාද මේ අද එනව කියපු මල්ලිගෙ යාළුවා?" ඒ අක්ක ඇහැව්ව මාව දැක්ක ගමන්ම. "අනේ, මං ආපු බස් එකේ නේ ආවෙ, ටවුමෙ ඉඳල".

ඉතිං ටිකක් වෙලා කතා කර කර ඉඳල තරමක් හිතවත් වුණාට පස්සෙ අක්ක කියපි මෙන්න මෙහෙම.

"ටවුමෙන් බස් එකට නගින කොට මං හිතුවෙ මේ මල්ලි නෝන එක්ක ගමනක් යන කෙනෙක් කියලයි".

මාව උඩ විසිවුණා. අක්ක මේ මගේ නෝන ය කියල හිතල තියෙන්නේ අර බස් එකේ මට පිටිපස්සෙන් හිටිය සුන්දර යුවතිය ගැනයි.

"ඒත් ඉතිං, මං පුදුම වුණා, මේ මල්ලි සීට් එකක් ඉඩ ආපු ගමන්ම ඒකෙ වාඩි වුණු එක ගැන, තමන්ගෙ නෝනට සීට් එක නොදී.
මං ඇත්තටම හිතෙන් බැණ, බැණ ආවෙ, දැං කාලෙ මිනිස්සුන් ගෙ හැටි, තමන්ගෙ නෝනට වත් සලකන්න දන්නෙ නැති උන් ය, කිය කිය!"

කාට කියන්නද බොස් මේ අවනඩු?

මං මේ බඳින්න තියා හිතලවත් නෑ. අක්කම හිතල මං බැඳල නෝනත් එක්ක ගමණක් යනව කියල, ඊලඟට ඒ වැරදි නිගමනය මත පදනම් වෙලා, මට ම හිතෙන් බැණල නෝනට සීට් එක නොදී යන අරුම පුදුම මහත්තයෙක් කියල.

හ්ම්!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං මර්ෆි ගේ නියමය මට අදාල නෑ. කතන්දර හාමිනේ ගේ වාසනාව වෙන්න ඕනැ. අත ගහන දේවල් කොච්චර වැරදුනත් -හාමිනේ ගේ එක උපදෙසකින් සේරම හරිගස්සා ගන්න පුළුවනි!

රුවංගි රංගනයෙන් නිහඬ වුණේ ඇයි? – ruwangi rathnayake

ruwangi rathnayakeමේ දවස්වල රුවංගි නිදහසේ ඉන්නවා වගේ?
ඇත්තටම මේ දවස්වල විශේෂ වැඩක් කරන්නේ නෑ. ඒ නිසා ලොකු කාර්යබහුලත්වයක් නෑ.
නිර්මාණවලින් රුවංගිව දකින්න නැත්තේ ඇයි?
හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා.
රංගනයෙන් අෑත් වෙන්න සූදානමක් නැහැ නේද?
නැහැ. රංගනයෙන් අෑත් වෙලා නැහැ. මම නිර්මාණවලින් පේන්න හිටියේ නැති කාලේ මට ආරාධනා ලැබුණා විවිධ නිර්මාණවලට. හැබැයි ඒ නිර්මාණ මට සෑහීමකට පත් වෙන්න පුළුවන් තරමේ අවස්ථා නෙමෙයි. චරිතය, ලැබෙන මුදල කියන විවිධ කාරණා මත ඒ ආරාධනා අතහරින්න වුණා. මම බලාපොරොත්තු වුණ විදිහේ රඟපෑමක් ඉදිරිපත් කරන්න පුළුවන් විදියේ චරිතයක් ළඟදි ලැබුණේ නැහැ.
රුවංගි ලැබෙන හැම දේම භාරගන්නේ නෑ වගේ?
ඔව්. මම ලැබෙන හැම එකක්ම කරන්නේ නැහැ. වෙනස් විදියේ විශේෂත්වයක් තියෙන නිර්මාණයක් නම් මම ඒකට සම්බන්ධ වෙන්න කැමැතියි.
රුවංගිට බොහෝ දෙනාගේ ආදරය හිමිවුණා. රංගනයේ නිහඬකම ඔබට ආදරය කරන ප්‍රේක්‍ෂකයන්ට කරන අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?
මම හිතන්නේ ප්‍රේක්‍ෂකයෝ බලාපොරොත්තු වෙනවා කියලා අපි පෞද්ගලිකව ආසා නැති දේවල් කරන්න ඕනේ නැහැ. ලැබෙන ලැබෙන දෙය කරනවට වඩා හිතේ රැඳෙන දෙයක් ඉඳලා හිටලා හරි කළොත් ප්‍රේක්‍ෂකයෝ හැමදාම අපිට ආදරය කරයි.
නිර්මාණවලින් රුවංගිව නොදකින නිසා ප්‍රේක්‍ෂකයන්ට ඔබව අමතක වෙලා යයිද?
එහෙම වෙන එකක් නෑ. මොකද නිර්මාණවල පේන්න හිටියේ නැතත් මඟ තොටේ මුණගැහෙන අය පවා තාමත් අහනවා ඇයි මේ දවස්වල නිර්මාණයක නැත්තේ කියලා. ප්‍රතිචාරවල වෙනසක් වෙලා නැහැ.
මොන විදියේ චරිතද රුවංගි බලාපොරොත්තු වෙන්නේ?
මම විවිධත්වයක් තියෙන චරිතවලට කැමැතියි. තිරපිටපත කියවද්දි මට ඒ චරිතය දැනෙනවා නම් මට ඒකට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් මම ඒ දේ භාරගන්නවා. හැමදාම එක විදියේ චරිත කරන්න මම කැමැති නැහැ.
රුවංගි වැඩ කරද්දි අධ්‍යක්‍ෂවරුන්ව තෝරනවාද?
නැහැ. මම අධ්‍යක්‍ෂවරු තෝරන්නේ නැහැ. ලැබෙන චරිතය මොන වගේද කියන දේ ගැන මම මුලින් හිතනවා.
අලුත් වැඩකින් ළඟදී දකින්න ලැබෙයිද?
ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඒ ගැන තාම සාකච්ඡා කරමින් ඉන්නේ. කොහොම වුණත් හො¼ද වැඩකින් ප්‍රේක්‍ෂකයෝ අතරට එන්න තමයි මම උත්සාහ කරන්නේ.
ටෙලි නාට්‍යවල රඟනොපෑවට රුවංගි සිනමාවේ නම් වෙනස් වැඩක් කළා කියලා ආරංචියි?
මීට මාස දෙකකට විතර කලින් සුමිත් කුමාර මහත්මයාගේ “සුබා තෙරණිය” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. සිටු දියණියක් සහ මෙහෙණින් වහන්සේ කෙනකුගේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. අනිවාර්යයෙන් මෙය ලොකු වෙනසක් වෙයි. මොකද මම මීට කලින් මෙහෙණින් වහන්සේ කෙනකුගේ චරිතයක් කරලා නැහැ.
ඒ චරිතය වෙනුවෙන් හිස මුඩු කරන්න සිදු වුණාද?
පෙනුමේ වෙනසක් කරන්න ඕනෑ වුණේ නැහැ. මම සිටු දියණිය ලෙසත් චරිත නිරූපණය කරන නිසා කොණ්ඩය කපන්න සිදු වුණේ නැහැ. එයට අවශ්‍ය විදියට විකල්පයක් පාවිච්චි කළා.
දැන් රුවංගි පෙම්වතියක් නේද?
ඔව්. මම පෙම්වතියක්.
ඔහු කවුද කියලා කියන්න කැමැතිද?
එයා ගැන විස්තර පස්සේ කියන්නම්. එයා ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි කියලා දැනට කියන්නම්.
විවාහයට තව දුර වැඩිද?
ඔව්. තව ටිකක් දුර තියෙනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ

ලෝකෙන්ම ලස්සන බ්‍රසීල තරුණියන්ගේ Beauty Secrets

ලෝකෙන්ම ලස්සන බ්‍රසීල තරුණියන්ගේ Beauty Secrets

ස්ත්‍රියගේ සුන්දරත්වය පිළිබඳව ඕනෑ තරම් සාහිත්‍යමය නිර්මාණ බිහි ව තිබෙන්නේ සැබවින්ම ස්ත්‍රිය සුන්දර වස්තුවක් නිසාය. සෑම රටකම කාන්තාවන්ට ඔවුන්ටම ආවේණික වූ සුන්දරත්වයක් පවතිනවා. ඒ අතරින් සුන්දරතම කාන්තාවන් සිටින රට පිළිබඳව සෑම වසරකම යම් යම් සමීක්ෂණයන් සිදු කෙරෙනවා. නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව ලොව සුන්දරම කාන්තාවන් සිටින රට බවට පත්ව තිබෙන්නේ බ්‍රසීලයයි. ඕනෑම කෙනකුට එක් වරක් බැලූ විට නැවත හැරී බැලීමට සිතෙන තරම් ඔවුන් සුන්දර බවයි පැවැසෙන්නේ.
ඔවුන්ටම ආවේණික වූ සුන්දර මුහුණක් සහ සිහින් උස ශරීරයෙන් යුක්ත වූ බ්‍රසීල යුවතියන් උපතින්ම ඔවුන්ට හිමි වූ සුන්දරත්වය රැක ගැනීමට සිදුකරන රූ සත්කාරයන් පිළිබඳව දැන ගැනීමට සැබවින්ම ඔබ කැමැති වේවි.
පිරිසුදුකම සහ සමේ තෙතමනය 
රැක ගැනීම
පිරිසුදුකම කාන්තාවකට අත්‍යවශ්‍යම දෙයක් බව බ්‍රසීල යුවතියන් විශ්වාස කරනවා. ඔවුන් දිනකට 04 වරක් පමණ ශරීරය පිරිසුදු කරන බවයි පැවැසෙන්නේ. එසේම හොඳින් ජලය පානය කිරීමෙන් සමේ තෙතමනය නිවැරැදි ලෙස පවත්වා ගැනීමට ඔවුන් උත්සාහ දරනවා. පොල්තෙල්, ආමන්ඩ් තෙල්, බොඩි බටර් වැනි දේ ආලේප කර හොඳින් සම්බාහනයෙන් ශරීරයේ තෙතමනය ආරක්ෂා කරගනු ලබනවා. එසේම හිරුඑළියෙන් හානි වූ සමටද තෙල් සම්බාහන යෝග්‍ය බවයි ඔවුන් පවසන්නේ. ස්නානය කිරීමට පෙර සුපිරිසුදු පොල්තෙල්, සීනි සමඟ මිශ්‍ර කර මුහුණේ සිට පාදාන්තය දක්වා ස්ක්‍රබ් කිරීම බ්‍රසීල යුවතියන් පුරුද්දක් ලෙස සිදුකරනු ලබනවා.
ඇස් යට ආරක්ෂාව
දෑස් යට කළු පැහැ ගැන්වීම හෝ රැලි වැටීම නිසා වයස වැඩි වී පෙනෙන බව බ්‍රසීල යුවතියන්ගේ මතයයි. ඒ නිසා දෑස් යට නිතරම නිරෝගිමත් ලෙස තබා ගැනීමට ඔවුන් උත්සාහ දරනවා. නිසි පරිදි නින්ද ලබාගැනීම සහ දෑස් යට පෙදෙසට සත්කාර කිරීමත් ඔවුන්ගේ පුරුද්දක් බවට පත්ව තිබෙනවා. දෑස් යට පිපිඤ්ඤා පෙති තැබීම සහ ග්‍රීන් ටී තැබීම දෑස්වලට ඉතා ගුණදායි ලෙස සලකන ඔවුන් අව් රශ්මියෙන් දෑස් යට ආරක්ෂා කර ගැනීම සඳහා සෑම විටම අවු කණ්ණාඩි පැලඳීමටත් හුරුව තිබෙනවා. එසේම හිරු එළියට නිරාවරණය වන සෑම විටම Sunscreen  එකක් පාවිච්චි කිරීමටත් ඔවුන් අමතක කරන්නේ නැහැ.
දෑත් සහ දෙපා සඳහා සත්කාර
අපගේ රටේ යුවතියන් බොහෝ විට අවධානය යොමු කරනුයේ මුහුණ පිළිබඳව පමණයි. නමුත් බ්‍රසීල යුවතියන් දෑත්වල සහ දෙපාවල පිරිසුදුකම හා සුන්දරත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා. ඔවුන් සතියකට වරක් මෙනික්‍යු පෙඩික්‍යු සත්කාර වෙත යොමු වන බවයි පැවසෙන්නේ.
විටමින් ලබා ගැනීම
ශරීරයට අවශ්‍ය විටමින් නිසි පරිදි ලබාගැනීම බ්‍රසීල යුවතියන්ගේ සුන්දරත්වයේ සුවිශේෂීම රහස ලෙස පැවැසීම නිවැරැදියි. වෛද්‍ය නිර්දේශ මත විටමින් වර්ග ලබා ගැනීමට හෝ ආහාර මඟින් ඔවුන්ට අවශ්‍ය විටමින් වර්ග ලබා ගැනෙනවා. බ්‍රසීල යුවතියන් කැරට් යුෂවලට සහ බීට්රූට් යුෂවලට සුවිශේෂී කැමැත්තක්ද දක්වනවා. එයට අමතරව බෙරි වර්ගද ඔවුන්ගේ ආහාරවල ප්‍රධාන තැනක් හිමි කරගෙන තිබෙනවා. බෙරි ආහාරයට ගැනීමෙන් අඳුරු ළප, රැලි වැනි දේ ඉවත්ව යන බවයි සැලකෙන්නේ.
මුහුදු වැලි ස්ක්‍රබ්
මුහුදු වැලි සියුම් ලෙස සකසා ඒ මඟින් සිරුර සම්බාහනය කිරීමෙන් සම නිරෝගි වන බව බ්‍රසීල යුවතියන්ගේ විශ්වාසයයි. ඒ නිසාම බොහෝ බ්‍රසීල යුවතියන් මුහුදු වැලිවලින් සිරුර සම්බාහනය කිරීමට යොමු වනවා.
සිරුර සිහින්ව තබාගැනීම
සිරුරේ හැඩය පවත්වා ගැනීම සහ උසට සරිලන බර පවත්වා ගැනීම නිරෝගී බවේ ලක්ෂණයක් ලෙස සලකන බ්‍රසීල යුවතියන් සෑම දිනකම ව්‍යායාම වෙත යොමු වනවා.
සෙව්වන්දි හෙට්ටිආරච්චි

යහපත් රූමත් බිරියක් ලබන වාසනාව අල්ලේ ලියැවී තිබෙන හැටි තරුපති

ගැහැනියක් රූමත් වන්නේ පෙර ආත්මවල කරන ලද පින් හේතු කොටගෙනය. විරූපී වන්නේ පෙර කරන ලද පාපකාරි ක්‍රියා හේතු කොටගෙනය. රූමත් බිරියක් ලබන්නත් සැමියකු පෙර පින් කළ යුතුය. ගැහැනියක් පිරිමියෙක් එකතු වන්නෙත් කර්ම ඵල හේතු කොටගෙනය. මෙය වේදයේ එන කියමනකි.
තවත් අතකින් ඕනෑම ස්ත්‍රියකට උත්පත්ති තුනක් ඇත්තේය. මවු කුසින් ලබන උත්පත්තිය වැඩිවියට පත් වන උත්පත්තිය වගේම විවාහය මඟින් ලබන උත්පත්තිය තුන්වැනි උත්පත්තියයි. විවාහය සඳහා වැදගත් වන්නේ තෙවැනි උත්පත්ති යයි.
ඔබේ ජීවිතය අවුල් නොවන විවාහයකට ගැළපීම් කර ගැනීමට අල්ලේ වැටෙන රේඛා බලා පසුබිම් සලසා දීම මේ ලිපියේ අරමුණයි. ජේ‍යාතිෂයේ විවාහයට පෙර පොරොන්දම් බැලීම සිරිතකි. සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීම එහි අරමුණයි.
කාන්තාවකට ජීවිතයේදී පසු කළ යුතු පියගැට පෙළක් වෙයි. එය දැරියක වශයෙන් සිසුවියක වශයෙන් පෙම්වතියක වශයෙන් යහපත් බිරියක වශයෙන් ආදරණීය මවක වශයෙන් යා යුතු ගමනය. උපන් ගෙයිම ඇයට ජන්ම පත්‍රයක් හිමිවෙයි. එක් අතකින් එය ජීවිතය පිළිබඳව ඔප්පුවකි. තවත් අතකින් චරිත සහතිකයයි. ජන්ම පත්‍රය හෙවත් හඳහන තුළින් දිස් වන්නේ ඇයගේ පෙර කර්මවල වේගයයි. ඉතා දක්‍ෂ සම්පන්න ජේ‍යාතිෂ්‍ය කරුවකුට කාන්තාවකගේ හඳහන තුළින් ඇගේ අධ්‍යාපනය, සහජ බුද්ධිය, රැකියාව, හැකියාව, දියුණුව, විවාහය චර්යාව අනාගතය ගැන සියලුම විස්තර දැකිය හැකිය.
කාන්තාවකගේ දෙවැනි කේන්දරය මල්වර වීමේ නැකැත් කලාවයි. එක් අතකින් එය දෙවැනි ඉපදීමකි.  ඇයට ඊළඟට මුහුණපාන්නේ විවාහයයි. එය කාන්තාවක බිරියක වශයෙන් කුල ගෙදරට යන ගමනයි. මේ පිළිබඳව අල්ලේ ලියැවෙන්නේ බුද මණ්ඩලයේ (භාතෘෘ ස්ථාන) ය. අල්ලේ මාතෘෘ රේඛාව තුළත් මාපට ඇඟිල්ල මුල සිකුරු මණ්ඩලය තුළත් විවාහයේ සම්බන්ධතා කියැවෙන ස්ථානයයි.
ජීවන රේඛාවට ඒකාබද්ධව ශීර්ෂ රේඛාවක් දෙකට බෙදී එක් අත්තක් මාතෘෘ රේඛාවටත් අනෙක චන්ද්‍ර මණ්ඩලයේ (අංක 1) පැත්තටත් (අංක 1) යමකුගේ අල්ලේ විහිදුණු විට එබඳු පුද්ගලයා සියල්ල ආලයට කැප කරයි. කාන්තා අල්ලකත් එසේය.
ශීර්ෂ රේඛාව ද්විත්ව වීම (දෙකක් වීම) ධනය බලය ලබන ලකුණකි.
බුද ඇඟිල්ලේ පහත බුද මණ්ඩලය වැටෙන රේඛාව (අංක 2) සහකාරිය හෝ සහකරුගේ රේඛාවයි. රේඛා දෙකක් එකට වැටීම පිරිමි අල්ලක නම් එක පවුලේ විවාහ දෙකකි. එහි රේඛාවක තරු ලකුණ ඇති වීම විවාහයේ බිඳ වැටීමකි. මාතෘෘ රේඛාවට විවාහ රේඛාව දුන්නාක් සේ එක්වීම විවාහය බිඳ වැටීමකි. (අංක 3) මාතෘෘ රේඛාව තුළ ද එහි වැටෙන ඉතා සියුම් රේඛා කතිර තුළින් ගෘහ ජීවිතයේ පෙරළි ගැන සටහන් වේ.
බුද මණ්ඩලය (සුළැඟිල්ල මුල) අතුරු රේඛාවක් මාතෘ රේඛාවේ සිට ඉහළට යෑම – ආදර රේඛාව කැඩීම ආදර සබඳතා අවුල් වීමකි. (අංක 4) එහෙත් ධනවත් පවුලක කෙනකු හා විවාහ වීමේ ලකුණකි. මාතෘ රේඛාවේ බුද මණ්ඩලයට වැටෙන දූපත් ලකුණ (අංක 5) ආදරය බිඳ වැටීමකි.
බුද මණ්ඩලය තුළ ආදර රේඛා දෙකක් වැටීම (අංක 2) බිරියන් දෙදෙනකු හා සහයෝගීව ජීවත් කරන්නීය. අධික කාමාධික අල්ලක ශුක්‍රමේලා රේඛාව වැටේ.
ගුරු මණ්ඩලයේ කතිර ලකුණ විවාහය නිසා දියුණුව ලබයි. එහි තරු ලකුණක් වැටීම අධික ධන සම්පත් ලබයි. (අංක 6)
හෘදය රේඛාවෙන් විහිදුණු අත්තක් ශීර්ෂ පීතෘ රේඛාව කපාගෙන සිකුරු මණ්ඩලයට වැටීම ආදර සබඳතාවක් (අංක 7) බිඳ වැටීමේ ලක්‍ෂණයකි.
යමකුගේ මාපට ඇඟිල්ල ඉක්මවීමෙන් දීර්ඝ වූ දබරැඟිල්ල පයේ පිහිටාවිද ඒ මනුෂ්‍ය තෙමේ ස්ත්‍රී සම්පත් ලබයි. මහත් වූ භව භෝග සම්පත් ද ලබයි. සැක නැතැයි. අත–පරං දෙහායව ලක්‍ෂණම්” හි සඳහන් වේ. පයක මැදඟිල්ල දීර්ඟ වූ විට  භාර්යා හානිය සිදුවන්නේය. වෙදලඟිල්ල පයේ දීර්ඝ වූ විට විද්‍යාවෙන් භෝග සම්පත් ලබන්නේය.
යමකුගේ වෙදඟිල්ල සුළැඟිල්ලට සමානව කොටවී නම් ඔහු පරස්ත්‍රී සේවනය කරන්නේ යැයි ද සමුද්‍රිකා ඉෂිවරු පෙන්වා දී ඇත්තේය.
අල්ලේ රේඛාවන්ගෙන්ද විවිධ ලක්‍ෂණ ගත් කල මිනිස් ජීවිතයේ විවිධ රහස් එළිවන්නේය.
අල්ලේ බුද මණ්ඩලය තුළ මෙන්ම සිකුරු මණ්ඩලය තුළ වැටෙන රේඛාවන්ගෙන්ද විවාහ ජීවිතය ගැන හෙළිවේ.
සිකුරු මණ්ඩලය උස්ව පිහිටීම නිරෝගී සම්පන්න කෙනකුගේ ලක්‍ෂණයයි. විවාහයෙන් සිදුවන සැප දුක දික්කසාද වීම්, අඹුසැමි අරගල, ආරවුල්, රාගාධිකත්වය, ආලය ගැන මෙතැන වැටෙන රේඛාවලින් හෙළිදරව් වේ. එම මණ්ඩලය තුළ කොටු සලකුණ වැටීම රාගාධික සිද්ධියක් වන විපතින් ගැලවේ. (අංක 8) තාරකා ලකුණ වැටී ඇත්නම් රාගාධික හැඟීම්වලින් උත්සන්න පුද්ගලයෙකි. (9) මෙහි කුජ සිකුරු රේඛාවෙන් කියැවෙන්නේ විවාහ ජීවිතයේ තත්ත්වයයි. එය අතු රේඛාවලින් දැක්වෙන්නේ විවාහ සහකාරියගේ හෝ සහකරුට මූලිකව ඇති බලපෑම්ය. උඩු අතට ජීවන රේඛාවට එකතු වන රේඛා විවාහ ජීවිතය නිසා ලබන දියුණුවයි. (අංක 10) වෙනත් රේඛාවකින් මෙම රේඛාව කැපුණු විට (අංක 11) ජීවිතයේ මුහුණ පාන්න සිදුවන ගැටලුය. හරස් රේඛාවක් වැටුණු විට එම කාලය තුළ බිරියගෙන් අෑත් වීමට සිදුවේ. එක්කෝ සැමියාගෙන් අෑත්ව වාසය කරයි.
සිකුරු මණ්ඩලයේ සිට ජීවන රේඛාව කපාගෙන දෛව රේඛාවට අත්තක් එකතු වීම (අංක 12) මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වූවෙකි.
ගුරු මණ්ඩලය තුළ ඇඟිලි – මුල රේඛාව (අංක 13) දැන හඳුනා ගැනීමෙන් සිදුවන ආදර සබඳතාවකි. එහි ගුරු ග්‍රහ ලකුණ වැටීම යහපත්ය.
ශනි මණ්ඩලය තුළ හෘදය රේඛාවේ දූපත් ලක්‍ෂණය වැටීම (අංක 14) ඇතිකර ගන්නා වූ අනියම් ඇසුර අත් නොහරින ලකුණකි.
අල්ලේ වැටෙන ඉතා සියුම් රේඛා ඔබේ ජීවිතයේ රහස් හෙළි කරයි. විශේෂයෙන් මාතෘ රේඛාවේය.
චන්ද්‍ර මණ්ඩලයේ සිට දෛව රේඛාව හෙවත් ශනි රේඛාවට අත්තක් වැටුණු විට (අංක 15) ඒ තමන්ගේ විවාහය සිදුවන කාලයයි.
බුද මණ්ඩලය සාමුද්‍රිකා විද්‍යාව තුළ සැලකෙන්නේ ඡායා ස්ථානය ලෙසය. එය මනාව උස්ව රෝස පැහැයෙන් යුතුව රේඛා වැටීම විවාහ ජීවිතයේ යහපත් ලකුණුය.
බුද මණ්ඩලයේ වැටෙන රේඛාව දෙකට පැළී පැවැතීම කරුවේදී පැවැතීම සැමියා හා බිරිය අතර ආරවුල් තත්ත්වය පෙන්වයි. (අංක 16)
යම් කාන්තාවකගේ අල්ලේ පද්ම ගර්භ සටහනක් වැටේද එවැනි කාන්තාවකගේ අල්ල සිනිඳුව අල්ල මැදින් වැටෙන කර්ම ඵල (ශනි) වාසනා රේඛාව මැදඟිල්ලේ මැද පුරුක තෙක් දික්වේද ඇය සිය සැමියා රජ මැඳුරකට ගෙන යන්නීය. වේද සාහිත්‍යයේ සඳහන්ව ඇත්තේය. (අංක 17)
ස්ත්‍රී අල්ලක සංඛ, මත්ස්‍ය, පද්ම, කුංචායුධ ලක්‍ෂණ පිහිටා ඇද්ද ඇය රාජ මෙහේෂිකාවක් වන්නීය
 එච්.ඩබ්ලිව්. අභයපාල
ප්‍රවීණ හස්ත රේඛා පර්යේෂණ
විද්‍යාඥ
077-1549883

ගෙදරදීම කරගත හැකි කුරුලෑ නසන සත්කාර – pimple treatment in sinhala

ගෙදරදීම කරගත හැකි කුරුලෑ නසන සත්කාර – pimple treatment in sinhala

කුරුලෑ කියන්නෙ කාන්තාවන්ගේ සතුරෙක් කිව්වොත් නිවැරැදියි. ඒ තරමටම කරදරකාරී පීඩාවන් ගෙන ඒමට කුරුලෑවලට හැකියාව තිබීම එයට හේතුවයි. කුරුලෑ ඇතිවීමට බලපාන හේතු සාධක කිහිපයක්ම පෙන්වා දිය හැකියි.
ඒ අතරින් මූලිකම හේතුන් වන්නේ සමේ අපිරිසුදු බව සහ ශරීරයේ හෝමෝන ආශ්‍රිත වෙනස්වීම්ය. ඒවාට අමතරව අහිතකර රසායනික සංයෝග අඩංගු ආලේපන භාවිතය, අහිතකර ආහාර ගැනීම, මානසික අවපීඩනය, සමේ තෙතමනය අඩුවීම යන හේතූන්ද කුරුලෑ ඇතිවීමට බලපානවා.
නිවැරැදි ආහාර පුරුදු ඇති කරගැනීම, නිතර සම පිරිසුදුව තබාගැනීම වැනි කරුණු පිළිබඳව නිසි අවධානයක් යොමු කරන්නේ නම් කුරුලෑ ඇතිවීම පාලනය කරගැනීමට ඔබට හැකිවේවි. ඔබ දැනටමත් කුරුලෑවලින් පීඩා විඳින යුවතියක් නම් ඒ සඳහා නිවෙසේදීම කරගත හැකි ස්වාභාවික සත්කාර කිහිපයක් පිළිබඳවත් අපි දැන් සලකා බලමු.
  • අලිගැටපේර සහ මී පැණි මිශ්‍ර කර කුරුලෑ මත ආලේප කර විනාඩි 20ක් තබා සෝදා හරින්න.
  • දින දෙකකට වරක් වැල් මදට ජලය සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.
  • ගස්ලබු කැබැල්ලක් පොඩි කර ආලේප කරන්න. වියළුණු පසු සෝදා හරින්න.
  • ‌ෙදාඩම් ලෙලි වියළා කුඩු කර ජල සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.
  • අල ගෙඩියක් පොඩි කර යුෂ ගෙන ආලේප කර විනාඩි 15කට පසු සෝදා හරින්න.
  • නැවුම් මී පැණි ස්වල්පයක් ආලේප කරන්න.
  • මුහුණ හොඳින් පිරිසුදු කර කුරුලෑ මත කෝමාරිකා ජෙල් ස්වල්පයක් ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.
  • පිපිඤ්ඤා යුෂ ස්වල්පයක් ආලේප කරන්න.
  • පිපිඤ්ඤා යුෂවලට රසකාරක නොයෙදූ යෝගට් ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කරන්න.
  • ලෙමන් යුෂ හා ජලය 1:1 අනුපාතයට ගෙන මිශ්‍ර කර කුරුලෑ මත ආලේප කර වියළෙන්නට හරින්න.
  • මින්චි කොළ කිහිපයක් අඹරා එම මිශ්‍රණයට මී පැණිද මිශ්‍ර කර කුරුලෑ මත ආලේප කරන්න.
  • ‌ෙදාඩම් යුෂ ස්වල්පයක් ආලේප කරන්න.
  • මී පැණි, කුරුඳු කුඩු මිශ්‍ර කර කුරුලෑ මත ආලේප කොට විනාඩි 20ක් තබා සෝදා හරින්න.
  • රසකාරක නොයෙදූ යෝගට්, මී පැණි සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.
සෙව්වන්දි හෙට්ටිආරච්චි

කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීම වරදක්ද? – swayan vindanaya

කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීම වරදක්ද? – swayan vindanaya

නව යොවුන් විය ඇරඹෙන්නේ රසායනික විපර්යාසයන්, මොළයේ ඇතිවන වෙනස්කම් සහ සිරුරේ ග්‍රන්ථිවල ඇතිවන වෙනස්කම්ද පදනම් කරගෙනයි. එතෙක් ගත කළ ළමා කාලය අවසන් කර දරුවා තරුණ වියට පා තබන්නේ මෙවිටයි. මේ වන විට දරුවා තුළ පවතින්නේ යොවුන් මනසක්. ආදරය, ප්‍රේමය, රාගය, ආසාව වගේම අභියෝගවලට මුහුණදීමේ ශක්තියත් තරුණයකුට ලබාදෙන්නේ යොවුන් මනසයි. මේ වන විට ඔහු අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින කෙනෙක්. අධ්‍යාපනය, විභාග, ආදරය සහ ලිංගිකත්වය ඔහු තුළ අභියෝගාත්මක ලෙස පවතින කරුණු කිහිපයක්. කෙනකුගේ ජීවිතයේ මෙම අවධිය අත්හදා බැලීම්වලට පෙලැඹෙන සමයක්. කෙනකුගේ ජීවිතයේ තීරණාත්මක අවධිය ලෙස හඳුන්වන්නේත් මේ සමයයි.
ඉතින් අද අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ නව යොවුන් වියේ පසුවන යං පාඨකයන් අප වෙත එවා තිබූ ඔවුන්ගේ ගැටලුවලින් කිහිපයකට පිළිතුරු දීමටයි.
සුභා – දෙණියාය
වෛද්‍යතුමියනි,
මට වසර 5ක් පමණ වන ප්‍රේම සම්බන්ධයක් තිබෙනවා. ඔහු මගේ මවගේ අයියාගේ පුතකු වීම නිසාවෙන් අපගේ මවුපියන්ගේද ඊට විරුද්ධත්වයක් නැහැ. ඥාතීන් අතර විවාහ සිදුවීමෙන් උපදින දරුවන්ට විවිධ රෝගාබාධවලට මුහුණ දෙන්නට සිදුවන බව මා අසා තිබෙනවා. අපගේ ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා පැවැතිය යුතු යැයි අප දෙදෙනා මෙන්ම අපගේ මවුපියන්ද විශ්වාස කරනවා. එහෙත් මා අසා ඇති කාරණය නිසා දැන් විවාහය පිළිබඳව මට ඇත්තේ බියකි. මා කුමක් කළ යුතුද?
සුභා, මෙහිදී ඔබ දෙදෙනා හා පවුල් දෙක අතර පවතින අනේ‍යාන්‍ය අවබෝධය ඉතාමත් වැදගත්. මේ පැනයේදී ඔබ බිය විය යුත්තේ විවාහ වීමට නොව, ඉන් පසුව දරුවන් බිහිකිරීමේදීය. එහිදී ද යම් ගැටලුවක් ඇති වෙනවා නම් වන්නේ ඔබ දෙදෙනාගේ රුධිරගත සාධක පරස්පර නම් පමණයි. ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා ඒ සාධක පරීක්‍ෂා කරවා ගැනීම ඉතාමත් වැදගත්. ඔබ මානසිකව ඒ ගැන සිතමින් නිකරුණේ බිය වීමට අවශ්‍ය නැත.
කුෂාන් – හෝමාගම
වෛද්‍යතුමියනි,
මම වයස අවුරුදු 20ක තරුණයෙක්. තවමත් මා හට පෙම්වතියක් නැහැ. මම දවසකට දෙවතාවක් පමණ ස්වයං වින්දනයේ යෙදෙනවා. එම අවස්ථාවලදී නිල් චිත්‍රපට බැලීමටද පුරුදුව සිටිනවා. ඒවායේ සිටින පුරුෂයන්ට මෙන් විශාල ශිෂ්ණයක් මා හට නැතැයි කියා ඒ සෑම මොහොතකම මගේ සිත මට පවසනවා. දැන් මට නිල් චිත්‍රපට බැලීමට හෝ ස්වයං වින්දනයේ යෙදීමට වැඩි කැමැත්තක් නැහැ. නමුත් වරින් වර කලින් කී සිතුවිල්ල මගේ සිතට පැමිණෙනවා. එය මට විශාල මානසික පීඩාවකි. ඉන් මිදීමට මා හට උපකාර වන්න.
කුෂාන්, ඔබ තුළ පවතින ඍණාත්මක සිතුවිලි බැහැර කිරීම මුලින්ම කළ යුතුයි. ඔබගේ දේහයේ ප්‍රමාණයට ලිංගික අවයව වර්ධනය වී නැත්නම් පමණක් වෛද්‍යවරයකු හමුවීම වැදගත්. එසේ නැත්නම්, ඔබ සාමාන්‍ය පිරිමි ළමයකු ලෙස සිතා හා සිතිවිලි පුහුණු කළ යුතුයි. ඔබ නිල් චිත්‍රපට බැලීමට ඇබ්බැහි වී ඇත්නම් එයින් මිදීමට ඊට වැය කරන කාලය වෙනත් වැඩකටයුත්තක් සඳහා හෝ පවුලේ සාමාජිකයන් සමඟ ගත කිරීමට වැය කිරීම වැනිදෑ කළ හැකියි. එමඟින්ද එයින් මිදිය නොහැකි නම් සුදුසුකම් ලත් මනෝ උපදේශකයකුගේ සහාය ලබා ගන්න.
රොෂාන් – මාතලේ 
වෛද්‍යතුමියනි,
මම ඇය සමඟ විවාහ වූයේ පසුගිය ජනවාරි මාසයේදීය. එය යෝජිත විවාහයකි විවාහයට ප්‍රථම අවුරුද්දක පමණ කාලයක් අපි ආශ්‍රය කළා. නමුත් කිසිම දිනක අපි ලිංගිකව එකතුවී නැහැ. විවාහයෙන් පසුද මා ඒ සඳහා ඇයට යෝජනා කළත් ඇය ඊට දැඩි බියක් දක්වනවා. අප මුණ ගැසීමට පෙර  අෑට පෙම්වතුන් දෙදෙනකු සිටි බවද මා හට අෑ පවසා තිබෙනවා. ඔවුන් දෙදෙනා සමඟද ඇය කිසිදු ආකාරයක ලිංගික ඇසුරක් පවත්වා නැහැ. ඔවුන් අෑට බලපෑම් කළත් ඇගේ අකැමැත්ත නිසාවෙන්ම එම සම්බන්ධතාව බිඳ වැටුණු බවයි අෑ මා හට කියා ඇත්තේ. මෙය රෝගී තත්ත්වයක්ද? නැතිනම් අෑට වෙනත් සම්බන්ධයක් ඇති නිසා ඇය මා හට බොරු කියනවාද?
රොෂාන්, මෙය ඍජුවම රෝගී තත්ත්වයක්ද, නැත්නම් බොරුවක් කරනවාද යන්න පැවැසීම අපහසුයි. සමහර ගැහැනු ළමයින් තම යෙහෙළියන් සමඟ සිදු කරන සංවාදයන්හිදී ලිංගිකව එක්වීමේදී වේදනාවක් ඇති වෙනවා යන්න අසා ඇත්නම් ඒ සඳහා බියක් දක්වනවා. ඇය බොරුවක් කරන්නේ නම් ඒ  සඳහා හේතුව කුමක්ද යන්න සොයා ගත යුතුයි. මේ සඳහා ඇය සහ ඔබ යන දෙදෙනාම සුදුසුකම් ලත් මනෝ උපදේශනයකට යොමුවීම ඉතා වැදගත්. එහිදී ඔබ දෙදෙනා වෙන වෙනම සාකච්ඡාවට ගැනීමෙන් මෙසේ වීමට හේතුව තහවුරු කර ගත හැකි අතර ඉන් අනතුරුව ක්‍රමානුකූලව උපදේශනයක් මඟින් මේ තත්ත්වය මඟහරවා ගත හැකියි.
අනූෂා – වාරියපොළ
වෛද්‍යතුමියනි,
මම අවුරුදු 17ක් වන පාසල් ශිෂ්‍යාවකි. මගේ පන්තියේ බොහෝ මිතුරියන් ස්වයං වින්දනයේ යෙදීමට පුරුදු වී ඇත. ඔවුන් ස්වයං වින්දනයේ යෙදෙන ආකාර පිළිබඳව පන්තියේදී කතාබහ කරන හැටිද මා දැක තිබෙනවා. ඒවා අසා සිටිද්දී මටද ස්වයං වින්දනයේ යෙදීමට කැමැත්තක් ඇති වෙනවා. නමුත් මට ඒ පිළිබඳව බියක් දැනෙනවා. වෛද්‍යතුමියනි, කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීම නරක ක්‍රියාවක්ද?
අනූෂා, මුලින්ම ඔබේ සිතුවිලිවල වෙනසක් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඔබ මේ අවධියේදී මූලිකත්වය ලබාදිය යුත්තේ ලිංගිකත්වයට නොව අධ්‍යාපනයටයි. ලිංගිකත්වය ජීවත්වීමේදී අත්‍යවශ්‍ය නමුත් ඔබට මේ කාලයේදී වඩා වැදගත් වන්නේ උසස් පෙළ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමයි. ඒ සඳහා ඔබගේ මනස කාලසටහනකට අනුව වැඩ කිරීමට හුරු කළ හැකියි. එම අනවශ්‍ය සිතිවිලි ඇතිවීම වැළැක්වීමට පාඩම් වැඩ සමඟ මනස කාර්යබහුල කර ගැනීම වැදගත්.
වෛද්‍ය ආර්. චන්ද්‍රිකා රාජපක්‍ෂ
මනෝ උපදේශිකා
ශ්‍රී  ලංකා වෘත්තීය මනෝ උපදේශකයන්ගේ සංගමය
ශ්‍රී  ලංකා පදනම් ආයතනය

ඔබ මෙතෙක් නොදත් අපුරු රුපලාවන්‍ය රහස් | Beauty Tips Sinhala

Beauty Tips Sinhala
01 – පියයුරුවල හැඩය පවත්වා ගන්නට නිදාගන්න කලින් සම මත ආලේප කරන ක්‍රීම් වර්ගයක් භාවිතා කරලා උඩු අතට පිරිමදින්න. සති දෙකකින් පමණ ඔබට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
02 – හිසකේ සුවඳවත් කරගන්න අමුතුවෙන් ක්‍රීම් වර්ග අවශ්‍ය නැහැ. ඔබේ සුවඳ විලවුන් බෝතලයෙන් පනාවට ස්ප්‍රේ කරලා කොණ්ඩෙ පීරන්න.
03 – දවස පුරාම නැවුම් මුහුණක් ලබාගන්නට කෝමාරිකා යුෂ පිරිසිදු වතුරේ 1ට 3 අනුපාතයෙන් කළවම් කරලා ස්ප්‍රේ කරන්න පුළුවන් බෝතලයකට දාගන්න. දැන් ඔබට අවශ්‍ය වෙලාවක ඕනම තැනකදී එයින් ටිකක් මුහුණට ස්ප්‍රේ කරගන්න පුළුවන්.
04 – සුදු පැහැ දත් දෙපෙළක් සඳහා ග්‍රේට් කළ හෝ ලියාගත් ස්ට්‍රෝබෙරි බේකින් සෝඩා එක්ක කලවම් කරලා මාසෙකට දෙපාරක් දත් බෙහෙත් වෙනුවට දත් මැදීමට පාවිච්චි කරන්න.
05 – මුහුණ පැහැපත් කරන්නට අඟුරු මේස හැඳි දෙකක් උණු වතුරේ දිය කරපු ජෙලටින් මේස හැඳි එකහමාරකට එකතු කරන්න. මෙය ජෙලි බවට පත්වන තෙක් මයික්‍රොවේව් එකේ හෝ හුමාලයේ රත් කරන්න. නිවුණු පසු එය මුහුණේ ගල්වා විනාඩි 30කට පමණ පස්සේ සෝදා හරින්න.
06 – යටි පතුල් සුසිනිඳු කරන්නට උණු වතුර කෝප්ප දෙකකට, බේකින් සෝඩා කෝප්ප බාගයක් සහ විනාකිරි කෝප්යක් එකතු කර මිශ්‍ර කරන්න. එහි යටි පතුල විනාඩි 15ක් 20ක් පමණ තියලා වියළි තුවායකින් පිසදාලා පෝෂ්‍යදායී ක්‍රීම් එකක් ආලේප කරන්න.
07 – හිරු එළියෙන් පිළිස්සුණු සම සුවපත් කරන්නට බේකින් සෝඩා විනාඩි 10ක් 15ක් පමණ කාලයක් ඒ මත ආලේප කර තබන්න.
08 – අත් යට පැහැපත් කරගන්නට අල ග්‍රේට් කරලා හෝ සිහිනියට ලියා පොඩි කරගෙන අත් යට පැය භාගයක් පමණ ආලේප කොට තබන්න.
09 – මුහුණේ කළු තිත් ඉවත් කරන්නට උණු වතුර මේස හැන්දකට තිරිඟු පිටි මේස හැන්දක් සහ මීපැණි මේස හැන්දක් එකතු කරන්න. පුළුන් ටිකක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් මේ මිශ්‍රණයේ පොඟවලා කළු තිත් තිබෙන ස්ථානවල යොදලා විනාඩි 10 කින් 15 කින් පමණ ඉවත් කර හරින්න.
10 – ලස්සන සහ ශක්තිමත් නියපොතු ලබාගන්නට පොල්තෙල් සහ මී පැණි 1:1 අනුපාතයෙන් මිශ්‍ර කරලා ලැවෙන්ඩර් තෙල් බිංදු කීපයක් එකතු කරලා නියපොතුවල ආලේප කරන්න. ඔබට ආලේප කරන්නට සහ ගබඩා කරන්න පහසු වෙන්නට අවශ්‍ය නම් මෙය සෝදා පිරිසිදු කරගත් පැරණි කියුටෙක්ස් බෝතලයක් පාවිච්චි කරන්න පුළුවන්.
11 – කකුල්වල රෝම ඉවත් කරන්නට සීනි භාවිතයෙන් වේදනාවකින් තොරව සිදු කරන්නට පුළුවන්. මේ සඳහා කළ යුත්තේ දෙහි යුෂ වීදුරු කාලක්, වීදුරු දෙකක ප්‍රමාණයක සීනි, වතුර වීදුරු කාලකට එකතු කරලා කලවම් කරන්න. රන් පැහැති ඝන වෙන තෙක් මෙම මිශ්‍රණය රත් කරන්න. එය හොඳට සිසිල් වුණාට පස්සේ පාදවල රෝම වැවෙන පැත්තට විරුද්ධ දෙසට ආලේප කරලා ඉවත් කර හරින්න.
12 – සෞඛ්‍යමත් ශරීරයක් සඳහා ඉඟුරු මේස හැඳි දෙකක්, රූපලාවණ්‍යය සඳහා භාවිතා කරන ඝන ආලේපනය මේස හැඳි 5ක් උණු වතුර මේස හැඳි 10කට එක් කරන්න. මෙය ශරීරයේ ආලේප කරලා ප්ලාස්ටික් ආවරණයකින් වහලා පැයක් පමණ තියන්න. ඉන්පසු උණු වතුරෙන් ස්නානය කරන්න. සතියකට වතාවක් විතර මෙය කරන්න.
13 – ඇස් යට කළු වීම වළක්වා ගන්නට කෝපි මණ්ඩි සහ පොල්තෙල් එකකට එකක් යන අනුපාතයෙන් මිශ්‍රකර ඇස යට ආලේප කර විනාඩි පහළොවක් පමණ තබන්න. මෙය සතියකට තුන්-හතර වරක් කිරීම යෝග්‍යයි.
14 – ඝන ඇහිබැම සහ ඇහි පිහාටු ලබා ගන්නට අවශ්‍ය නම් ඔබේ පැරණි මැස්කාරා බෝතලේ ඉවත නොදා හොඳින් සෝදා එයට එඬරු තෙල්, විටමින් ඊ සහ කෝමාරිකා යුෂ එකතුකරලා බුරුසුව භාවිතයෙන් ඇහි බැමි සහ ඇහි පිහාටු වල ආලේප කරන්න. මෙය මාසයක් නොකඩවා නින්දට පෙර කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්.
15 – තෙල් සහිත හිසකෙස් සඳහා පිසීමට ගන්නා ලුණු හෝ මුහුදු ජලය මේස හැඳි දෙකක් තුනක් පමණ ඔබ දැනට භාවිතා කරන ෂැම්පූ බෝතලයට දමා ස්නානය කිරීමේදී හිසකෙස් වලට යොදන්න.
(උපුටාගැනීම අද දවස වෙබ් අඩවියෙන්)

කාන්ත්වන්ගේ හිසකෙස් ගැලවී යාමට හේතුව මෙන්න

අකලට හිසකෙස්‌ සුදුවන විට, හිසකෙස්‌ ගැලවී තට්‌ටය පෑදෙන විට පිරිමි පාර්ශ්වයට කොණ්‌ඩය කොටට කැපීමෙන් හෝ හිස බූ ගෑමෙන් එම ගැටලුවලට විසඳුම් ලබා ගත්තද කාන්තා පාර්ශ්වයට එසේ විසඳුම් ලබාගත නොහැකියි.
එහිදී ඔවුනට සිදුවන්නේ කොණ්‌ඩය වර්ණ ගැන්වීම හෝ හවරියක්‌ භාවිතා කිරීමය.
කාන්තාවන්ගේ රූපාලංකරණයේ ප්‍රධාන අංගයක්‌ බවට හිසකෙස්‌ පත්ව ඇති නිසා ඇය මුළු ජීවිත කාලයටම හිසකෙස්‌ රැකගත යුතුය.
මහා සෘෂි වෛද්‍යවරුන් කාන්තාවකගේ දිගු වරලස දුටුවේ ඇයගේ සිරුරේ නිරෝගී බව පෙන්වන කැඩපතක්‌ ලෙසයි.
අකලට හිස කෙස්‌ ගැලවී යන විට, කොණ්‌ඩය සුදුවන විට ඇය තුළින් සිය නිරෝගී බව ඈත්ව රෝගී බවට ළංවන බව සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
ස්‌ත්‍රී කේෂ කලාප භාගා, රෝග පීඩා භාගා, කෘෂ භාගා තුන්කනේ හේතුං” ලෙසින් පවසා ඇත්තේ යම් ස්‌ත්‍රියකගේ කේෂ කලාපයෙන් ඇයගේ ශරීරයේ ඇති රෝග පීඩාවන් පිළිබඳව හඳුනාගත හැකි බවයි.
දිගු වරලසක්‌ කාන්තාවකට හිමිව තිබීම ඇය සතු ආභරණයක්‌ බැවින් එම ආභරණය රැක ගැනීමත් ඇය සතු යුතු කමක්‌ වෙනවා.
සාමාන්‍යයෙන් කාන්තාවකගේ ජීවිතයේ වර්ධන අවධි කොටස්‌ තුනකට බෙදා තිබෙනවා.
වයස අවුරුදු 10 ත් 35 ත් අතර අවධිය කියන්නේ කාන්තාවකගේ ශරීර වර්ධනයේ උපරිම කාලයයි. මෙම කාලයේදී ඇය බරපතළ රෝග පීඩාවන්ගෙන් පෙළෙන්නේ නැතිනම් තම ශරීරය රැක ගැනීම සඳහා වැඩි වෙහෙසක්‌ ගත යුතු නැහැ. නමුත් ඇය තම ශරීරයේ නිරෝගී බව රැක ගැනීමට සහ එය පවත්වාගෙන යැමට පියවරගත යුතුයි.
තරුණ වයසේදී කාන්තාවකගේ හිසකෙස්‌ හරිම ශක්‌තිමත්ව පවතිනවා. දීප්තිමත් කලු පැහැයකින් යුක්‌ත වෙනවා. එනිසා එම වරලස හැඩ වැඩ කරන්න පහසුයි.
නමුත් කාන්තාවගේ ජීවිතයේ වර්ධන අවධියේ දෙවැනි පරිච්ඡේදය වන වයස අවුරුදු 35 ත් 45 ත් අතර කාලය සහ තෙවැනි අවධිය වන අවුරුදු 45 න් පසු කාලය තීරණය වන්නේ පළමු අවධියේ ගතකළ ජීවන රටාව අනුවයි.
අකලට හිසකෙස්‌ ගැලවෙනවා. කොණ්‌ඩය සුදු වෙනවා. තට්‌ටය පෑදෙනවා කියමින් පසුතැවෙන්නේ වෛද්‍යවරුන් වෙත යන්නේ ජීවිතයේ දෙවැනි අවධියේදීය.
එසේ පසුතැවෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන කාන්තාවන්ගෙන් ඔවුන්ගේ තරුණ අවධිය ගැන විමසන විට ඔවුන් කෙතරම් තම වරලසට වධ දුන්නා දැයි කියා හොඳින් වටහාගත හැකියි.
විවිධ වර්ණ ආලේප කරලා, කෙස්‌ ගස්‌වලට දැඩි පීඩාගෙන දෙන විලාසිතාවන්හි තරුණ වියෙහි නිරතවෙලා, අවේලාවේ ස්‌නානය කරලා ආදී හේතු ඔවුන් පවසනවා.
තරුණ වයසේදී විලාසිතාවන් හි යොමුවීම වරදක්‌ නැහැ. නමුත් එය අසීමිතව සිදුකිරීම තුළින් සිදුවන්නේ මැදි වියේදී හිසකෙස්‌වලට හානි සිදුවීමයි.
දැන් බලන්න තරුණ වයසේ ගැහැනු කී දෙනෙක්‌ සතියකට දෙවරක්‌වත් තම හිසට ඖෂධීය ගුණ ඇති තෙල් වර්ගයක්‌ යොදා හොඳින් සම්බාහනය කර ස්‌නානය කරනවාද? එය එතරම් අපහසු දෙයක්‌ නෙවෙයිනේ. වෛද්‍ය උපදෙස්‌ මත තම හිසට ගැලපෙන ඖෂධීය තෙල් වර්ගයක්‌ ස්‌නානයට පෙර සතියට දෙවරක්‌වත් යොදාගෙන තම දැතීන් හිස සම්බාහනය කර ගැනීම පුරුද්දක්‌ කරගත යුතුයි.
දහවල් 12 ට පෙර ස්‌නානයට යොමුවිය යුතුයි.
හිස කෙස්‌ වර්ධනයට ඕනෑම කොළ මැල්ලුමක්‌ ගුණදායකයි. ඒවා දිනපතා ආහාරයට එක්‌කරගත හැකියි.
දිනකට වතුර ලීටර් 2 ක්‌වත් පානය කිරීම වැදගත් වෙනවා. සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියයන් ලෙඩවීම හිසකෙස්‌වලට තදින්ම බලපානවා.
කාන්තාවන් තම හිසකෙස්‌වලට ආදරය කරනවානම් එය මුළු ජීවිත කාලයටම රැකගන්න උත්සාහ කරනවානම් කිසි දිනෙක මාතෘ මාංශ ලෙස සලකන හරක්‌ මස්‌ හෝ සූචි චක්‍ර මාංශ ලෙස සලකන ඌරු මස්‌ ආහාරයට ගැනීම නොකළ යුතුයි.
වෛද්‍යතුමනි නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව හිසකෙස්‌ රැකගන්න කාන්තාවන්ට භාවිත කළ හැකි අත් බෙහෙත් තිබෙනවාද?
බොහෝ අත්බෙහෙත් ගැන නාඩි වෛද්‍යවරු පවසා තිබෙනවා. ඒවා අතරින් පහසුවෙන් සකසා ගත හැකි අත් බෙහෙතක්‌ ලෙස සඳහන්ව ඇති අත්බෙහෙත් වර්ගයක්‌ පැවැසිය හැකියි.
කීකිරිඳිය සහමුලින්ම, හීන් ගොටුකොළ සහමුලින්ම, වල්කොත්තමල්ලි සහමුලින්ම කළු තැම්බේරිය සහමුලින්ම ලුණුවිල සහමුලින්ම බැබිල සහමුලින්ම, යකිනාරං කොළ සමව ගෙන තම්බා ගන්න.
එසේ තම්බාගත් උණු ජලයට කොහොඹ තෙල්, තල තෙල්, මීතෙල් මේස හැන්දක්‌ බැගින් දමා මිශ්‍රකර හොඳින් නිවුණු පසු විනාඩි දහයක්‌ පමණ එම ඖෂධීය ජලයෙන් හිස පමණක්‌ ස්‌නානය කරවන්න.
එසේ ස්‌නානය කරන අතර දැතේ ඇඟිලිවලින් හිස සම්බාහනය කරමින් හිස කෙස්‌ පසුපසට පිරිමදින්න.